ඉන්දියාවේ නව ජනපති රාම්නාත් ගෝවින්ද්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ 14වන ජනාධිපතිවරයා ලෙස රාම්නාත් ගෝවින්ද් තේරී පත් වේ. ඒ ඔහුගේ ප්‍රතිවාදිනිය වූ මීරා කුමාර් පරාජයට පත් කරමින් ය.

රාම් නාත්ට පක්ෂව 65.65%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබි තිබුණි. ඔහුගේ ප්‍රතිවාදියා වන මීරා කුමාර් හට ලැබී තිබුණේ 34.35%ක ප්‍රතිශතයක් පමණි.

1945 වසරේ ඔක්තෝබර් මස පළමුවනදා උපත ලැබූ රාමනාදන් ගෝවින්ද් 1991 වසරේදී භාරතීය ජනතා පක්ෂයට එක්විය. ඔහු 1994 වසරේදි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය නියෝජනය කරමින් රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය.

2006 වසරේ සිට ඔහු කුල ගෝත්‍ර සඳහා සුභසාධනය සැලසීම ,ස්වදේශ කටයුතු ,ඛණිජතෙල් සහ ස්වාභාවික වායු ,සමාජ සාධාරණත්වය සහ සවිබල ගැන්වීම , නීතිය සහ යුක්තිය සඳහා වන පාර්ලිමෙන්තු කමිටු වල සාමාජිකයකු ලෙසද කටයුතු කර තිබේ.

2015 වසරේ අගෝස්තු අටවනදා ඔහුව බිහාර් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස පත් කෙරුණි. එතැන් සිට පසුගිය17වනදා තෙක් ගෝවින්ද් එම ධුරයේ කටයුතු කළේය.

ලබන 25 වනදා ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *