කොකේන් සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

(කොළඹ, ලංකාපුවත්) – රත්මලාන ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මේවන විට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 07දෙනා ලබන 26වනදා දක්වා රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට අවසර ලබා දී තිබේ.

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ කන්ටේනරයක තිබී සොයාගත් කිලෝග්‍රෑම් 218කට අධික කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 320කි.

කොකේන් තොගය සම්බන්ධයෙන් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. කන්ටේනර් රථයේ රියදුරු සහ ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවන් දෙදෙනෙකු ද ඒ අතර වේ.

සතොස ආයතනයට පෞද්ගලික සමාගමකින් ගෙන්වූ සීනි තොගයක් අඩංගු කන්ටේනරයක සඟවා තිබූ කොකේන් තොගය පසුගිය දා සොයගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *