පැය 02 න් නොදෙන රුධිර පරීක්ෂණ වාර්තාව වලංගු නැහැ – සුව ඇමති

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගීන් පෞද්ගලික රෝහල්වලින් සිදු කරන පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තාව පැය 02 ක් ඇතුළත නිකුත් කිරීමට නොහැකි වුවහොත් ප්‍රතිකාර කිරීමට එය වලංගු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමට අද (21) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඇතැම් පෞද්ගලික රෝහල් පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට පැය 02 කට වැඩි කාලයක් ගන්නා බවට වෛද්‍යවරුන්ගෙන් ලැබුන පැමිණිලි මත අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. වාර්තා ප්‍රමාද වීම නිසා ප්‍රතිකාර කිරීමේ ගැටළු මතුවන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. එම නිසා පෞද්ගලික රෝහල්වලින් පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තා පැය 02 කට පෙර නොලැඛෙන්නේ නම් රජයේ රෝහලකට පැමිණ නොමිලේ පරීක්ෂණ කටයුතු සිදු කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

රජයේ රෝහල්වල පැයක් තුල පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තා ලබාදෙන අතර, කොළඹ ජාතික රෝහලේ ව්නාඩි 10 කින් රුධිර පරීක්ෂණ වාර්තාවක් නිකුත් කරයි.

මේ අතර ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා දිවයින පුරා පිහිටි වරාය වල ඉවත් කරන ලද බෝට්ටු ව්නාශ කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු ව්ය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ධිවර සහ ජලජ සම්පත් අමාත්‍යවරයා දුරකථනයෙන් සාකචිඡා කර ඒ සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලදි.

තව ද දිවයින පුරා සියළුම පාසල්වල ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් සහ රාජ්‍ය ආයතනවල ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුනි. එහිදී සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග දුරකථනයෙන් මේ පිළිබද සාකචිඡා කළ අතර, එහිදී මිීලග සිකුරාදා සියළුම පාසල්වලට නිවාඩු ලබා දී පාසල් පිරිසිදු කිරීමෙි දීප ව්‍යාප්ත වැඩපිළීවෙලක් දියත් කිරීමට තීරණය ව්ය. ලබන සෙනසුරාදා සහ ඉරිදා දිනවල සියළුම රාජ්‍ය ආයතන පිරිසිදු කිරීමට ද නියමිතය.

මෙම රැස්වීමට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා ඇතුලු අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *