ලින්කින් පාක් ගායක චෙස්ටර් සමුගනී

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා ඉමහත් රසික ආදරයක් දිනූ සුප්‍රකට ලින්කින් පාක් සංගීත කණ්ඩායමේ ගායකයෙකු වන චෙස්ටර් බෙනින්ටන් මියගොස් ඇත.

ලොස්ඇන්ජලිස්හි පිහිටි සිය නිවසේදී ඔහු සියදිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 41 කි.

චෙස්ටර් සියදිවි නසාගන්න විට ඔහුගේ නිවසේ වෙනත් කිසිවෙකුත් සිට නැති අතර, නිවසට පැමිණි සේවකයෙකු විසින් මියගොස් සිටින චෙස්ටර්ගේ සිරුර සොයාගෙන තිබේ.

1976 වසරේ මාර්තු 20 උපන් චෙස්ටර් Depeche Mode සහ Stone Temple Pilots යන සංගීත කණ්ඩායම්වලින් තම ගායන දිවිය ආරම්භ කරන ලදි.

වෘත්තියෙන් හෙදියක් වූ මවත්, පොලිස් පරීක්ෂකයෙකු වූ පියාත් ඔහුට වයස අවුරුදු 11 දී දික්කසාද වූ අතර චෙස්ටර් සිය පියාගේ භාරයට පත්විය. එතැන් පටන් ගත වූ වසර 5 ක් ම තම මව නොමැති දුක ඔහු තුනී කළේ මරිජුවානා මත්ද්‍රව්‍යයෙනි.

වයස අවුරුදු 17 වන විට යළිත් සිය මවගේ භාරයට පත්වන ඔහු මරිජුවානා ඇබ්බැහියෙන් මිදුණේ ඇගේ උපකාරයෙනි.

ඉතා හැලහැප්පීම් සහිත ළමා දිවියක් ගතකළ චෙස්ටර්, ඔහු ජනප්‍රියත්වයට පත්වූ පසුව පවතී සම්මුඛ සාකච්චාවකදී, තමා වයස අවුරුදු 7 දී, වැඩිහිටි පිරිමියෙකුගෙන් ලිංගික අතවරයට ලක්වූ බවත්, එය ඔහුට වයස අවුරුදු 13 දක්වාම පැවති බවත්, එනිසාම ඔහු සියදිවි නසාගැනීමට පවා උත්සහ කළ බවත් පවසා තිබුණි.

විවාහ දෙකකින් ලද දරුවන් සය දෙනෙකු සිටි චෙස්ටර්, අධික ලෙස බීමට ඇබ්බැහි වී සිටි අතර ඉන් මිදීම සඳහා පසු කාලීනව උපදේශන සේවාවල පිහිට පැතුවාය.

ලින්කින් පාක් කණ්ඩායමේ ගීත ඇල්බම මිලියන 70ක් පමණ ලොව පුරා අලෙවි වී ඇති අතර ඔවුන් ග්‍රැමී ඇතුළු සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ.

චෙස්ටර්ගේ හඬින් ගැයුණු අවසන් ගීය “Riders on the Storm” 2010 වසරේදී නිර්මාණය වූ අතර ඉන් පසුව චෙස්ටර් විසින් ඔහුගේ පැරණි ගීත වරින් වර නව සංගීතය මුසු කරමින් ගායනා කළේය.

2016 වසරේදී අවසන් වතාවට මාධ්‍ය හමුවට ආ චෙස්ටර් යළි කිසිදා මත්පැනට හුරු වීමේ බලාපොරොත්තුවක් තමන් තුළ නොමැති බව කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *