ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ 17 වැනි ප්‍රතිපත්ති සහ නියාමන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ 17 වැනි ප්‍රතිපත්ති සහ නියාමන සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ කොළඹ දී ආරම්භ කෙරිණි.

ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ මහලේකම් ඇරීවන් හැවොරන්ග්සි මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ සියලු සාමාජිකයින්, ආශ්‍රිත සාමාජිකයන්, අනුබද්ධ සාමාජිකයන් සහ ජාත්‍යන්තර කලාපීය සංවිධාන සාමාජිකයින් මෙම සමුළුව සදහා එක්ව සිටින අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් කිංස්ලි ප්‍රනාන්දු යන මහත්වරුන් ද, ප්‍රතිපත්ති සහ නියාමන සමුළුවේ සභාපති සෙයිජි ටකාජි, ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ නියෝජ්‍ය මහලේකම් Masarori Kondo යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *