ඛනිජ තෙල් සම්පත් කර්මාන්තය දියුණු කිරීමට සෞදි සහාය

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ඛනිජ තෙල් සම්පත් කර්මාන්තය දියුණු කිරීම සඳහා සෞදි අරාබියේ පූර්ණ සහාය ලබා දෙන බව සෞදි අරාබියේ රාජකීය කුමරු ෆහාඩ් බින් මක්රීන් බින් අබ්දුලාසිස් පවසයි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් පිරිපහදු කිරීම් කර්මාන්තය යාවත් කාලීන කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මූල්‍ය සම්පත් ලබා දීමේ හැකියාවද සෞදි අරාබියේ ව්‍යවසායකයින් සතු බවද ඔහු පෙන්වා දෙයි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාව පසුගිය 22වනදා හමු වූ අවස්ඒථාවේදී සෞදි අරාබියේ රාජකීය කුමරු මේ බව කියා සිටියේය. එම හමුව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *