චන්දිමාල්ට සුවයි

(කොළඹ, ලංකාපුවත්) – රෝහල් ගත කර සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

පසුගිය සිකුරාදා උණ රෝගයක් වැළඳීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු අතර පසුව සිදු කළ පරීක්ෂණවලින් හෙලි වුණේ ඔහුට නිව්මෝනියා රෝගය වැළඳී ඇති බවය.

ඒ අනුව, ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පෙනහළුවල ඇති වූ ආසාධන තත්ත්වය අඩු වී ඇති බව වෛද්‍යවරුන් දන්වා තිබේ.

චන්දිමාල් පරීක්ෂාවට ලක් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය නිර්දේශ ඒකකයේ සාමාජිකයෙකු වන මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතාගේ නිර්දේශ මත චන්දිමාල් නිවස බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

මේ අතර, එළඹෙන ඉන්දීය – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයට ඔහුට ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බව වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *