පොලිස් නිළධාරියාගේ අවමංගල්‍ය වියදම මහාධිකරණ විනිසුරු බාරගනී

(කොළඹ, ලංකාපුවත්) – යාපනය, නල්ලූර් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය පොලිස් නිළධාරියාගේ අවමංගල්‍ය වියදම මුලුමනින්ම යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා විසින් බාරගෙන ඇත.

නල්ලූර් ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවුණේ පසුගිය 22වනදා පස්වරුවේ දී ය. එහිදී පොලිස් නිලධාරියෙකු ජීවිතක්‍ෂයට පත්විය.

විද්‍යා ඝාතන නඩුවේ විනිසුරුවරයෙකු වූ මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංගචේලියන් මහතාගේ රථයට ආරක්‍ෂාව සැපයූ යතුරුපැදියක ගමන් ගත් පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා මෙසේ ජීවිතක්‍ෂයට පත්විය.

හලාවත කුමාරකට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටි සැරයන්වරයා පොලිස් සේවයට එක්ව ඇත්තේ 1986 වසරේ දී ය. ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

සිද්ධියෙන් මිය ගිය සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පශ්චාත් මරණ පරික්‍ෂණය ඊයේ(23) සිදුකෙරුණි. මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංගචේලියන් මහතා ඊයේ උදෑසන යාපනය රෝහල වෙත පැමිණි අතර එම ස්ථානයට පැමිණ සිටි මිය ගිය සැරයන්වරයාගේ බිරිඳට මහාධිකරණ විනිසුරුවරයා සිය කණගාටුව පළ කළ අතර එය සංවේදී අවස්ථාවක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *