ගින්නකින් දකුණු කොරියාවේ මහලු කාන්තාවක බේරාගත් නිමල්සිරි බණ්ඩාර දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – හදිසියේ හටගත් ගින්නකින් දකුණු කොරියාවේ මහලු කාන්තාවක බේරාගත් හසලක ප්‍රදේශයේ පදිංචි නිමල්සිරි බණ්ඩාර මහතා අද(25) දිවයිනට පැමිණියේය.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළේ දී ඔහුව මහත් හරසරින් පිළිගනු ලැබීය.

දකුණු කොරියාවේ නිවසක් තුළ හදිසි ගින්නක් හටගත් අවස්ථාවක එම නිවසේ සිටි මහලු කාන්තාවක බේරා ගැනීමට හසලක නිමල්සිරි බණ්ඩාර මහතා සමත් විය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ දී ඔහුව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය. ඔහුට ආශිර්වාද පළකිරීම සඳහා ආගමික නායකයින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *