ජාතික යොවුන් දින සැමරුම් පළමු කොඩිය ජනපතිට පළඳවයි

(කොළඹ, ලංකාපුවත්) – ජූලි 26 වන දිනට යෙදෙන ජාතික යොවුන් දිනයට සමගාමීව ජාතික තරුණ සේවා සභාව සහ ශී‍්‍ර ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන යොවුන් කොඩි දින වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජගත් තරුණ වර්ෂය වශයෙන් නම් කොට තිබූ 1985 වසරේදී ජාතික යොවුන් කොඩි දිනය ප‍්‍රකාශයට පත්කෙරිණි.

2011 සිට 2015 දක්වා එය කි‍්‍රයාත්මක නොවූ අතර නැවත වත්මන් රජය යටතේ 2016 වසරේ සිට ජාතික යොවුන් දින සැමරුම් වැඩසටහන් කි‍්‍රයාවට නැංවිණි.

ඒ අනුව මෙවර යොවුන් කොඩි දිනය කි‍්‍රයාත්මක වන්නේ 28 වන වරටය.

දිවයින පුරා පිහිටුවා ඇති යෞවන සමාජ 13,000ක, යෞවන සමාජ ප‍්‍රාදේශීය මණ්ඩල 334 ක හා යෞවන සමාජ දිස්ති‍්‍රක් මණ්ඩල 26 ක සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් දිවයින පුරා මෙම කොඩි වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

තරුණ සංවර්ධනය වෙනුවෙන් අරමුදල් රැස්කිරීම මෙහි අරමුණ වන අතර යෞවන සමාජ විසින් හඳුනාගත් සුදුසු ප‍්‍රජා සංවර්ධන ව්‍යාපෘති ඒ යටතේ කි‍්‍රයාත්මක කෙරේ.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගගේ මහතා විසින් යොවුන් දින සැමරුම් පළමු කොඩිය ජනාධිපතිතුමා වෙත පැළඳවීය.

අමාත්‍යවරුන් වන රවී කරුණානායක, අර්ජුන රණතුංග, දයාසිරි ජයසේකර යන මහත්වරුන් ද ශී‍්‍ර ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් උපුල් සඳරුවන්, පරිපාලන ලේකම් සහ දිස්ති‍්‍රක් තරුණ සේවා නිලධාරි මහේෂ් තිලකරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *