සංචාරක හිතැති ‘බොජුන්හල්’ ශ්‍රේණිගත කරයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රධාන සංචාරක ප්‍රදේශ ආවරණය වන පරිදි සංචාරක හිතැති බොජුන්හල් ශ්‍රේණිගත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සදහන් කරයි.

බොජුන්හල්වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සහ තරගකාරීත්වයෙන් සංචාරක හිතැති බොජුන්හලක් ලෙස සහතික ලබා ගැනීමට අයෝජකයින් දිරි ගැන්වීම මෙමගින් අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රේණිගත කෙරුණු මහනුවර බොජුන්හල්වලට ඊයේ(24) සහතික පිරිනැමීම අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

සුදුසුකම් සපිරි බොජුන්හල් 18කට සංචාරක හිතැති බොජුන්හල් සහතිකය හිමි විය. ඒ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ පරීක්ෂණ කණ්ඩායම්වල නිර්දේශයන්ට අනූවය.

මෙම සහතික ප්‍රදානෝත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *