කාසියේ වාසිය ඉන්දීය පිලට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හිමි වූ අතර පන්දුවට පළමුවෙන් පහර දීමට ඔවුන් තීරණය කර තිබේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වේ.

ලොව පෙරමුණේම සිටින ටෙස්‌ට්‌ පන්දු යවන්නන් තිදෙනාම සහභාගිවන ටෙස්ට් තරගය ලෙසෙද මෙය සැලකිය හැකිය.

ලෝක ටෙස්‌ට්‌ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ මුල් තැන ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා ද දෙවැනි තැන රංගන හේරත් ද තෙවන තැන රවීචන්ද්‍රන් අශ්වින් ද පසුවේ.

දෙරට අතර ටෙස්‌ට්‌ තරග 38 කදී ජයග්‍රහණ 16 ක්‌ ඉන්දියානුවන් ලබා ඇති අතර 1985 වසරේ දී ශ්‍රී ලංකා පිල ඉන්දියාවට එරෙහිව පළමු ටෙස්‌ට්‌ ජය පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ලබා ගත්තේය.

2008 වසරේ දී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල අනිල් කුම්බ්ලේගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලි ජයක්‌ ලැබීමෙන් පසු ඉන්දියාවට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලියක්‌ ජය ගැනීමට ශ්‍රී ලංකාව මේවන විටත් අසමත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *