තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඛනිජ තෙල් බෙදා හැරීම ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් එමසේවාව හා සම්බන්ධ සියලු සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දීමක් කරනු ලැබේ.

අත්‍යවශ්‍ය සේවාවක් ප්‍රකාශයට පත් කළ විට සේවයට වාර්තා නොකරන්නේ නම්, එවැනි අයෙකු සේවය හැරගිය අයෙකු ලෙස සලකනු ඇත.

මීට අමතරව ඛනිජ තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලිය රජය විසින් යථා තත්වයට පත්කර ඇති බැවින් එම කටයුතුවල නිරතවන අදාළ බවුසර්වලට ඉන්ධන ගබඩා වෙත පැමිණෙන ලෙස ද රජය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *