කෝලී ගාලු සිරියට වශී වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය සුපිරි පිතිකරු සහ නායක විරාත් කෝලී අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍ර‍යේ අතිශය ජනප්‍රීය ක්‍රීඩකයෙකි. එම නිසා ඔහුගේ අදහස් හා ප්‍රකාශ වලටද අතිශය ප්‍රසිද්ධියක් හිමි වේ.

කෝලී ශ්‍රී ලංකාවේ ගාල්ල නගරය පිළිබඳව සිය නිළ ට්විටර් ගිණුමේ තැබු සටහනක් විදෙස් රටවල ක්‍රීඩා ලෝලීන් අතර කතාබහට මේවන විට ලක්ව ඇත.

ගාලු මුහුදු වෙරළේ සිට ලබාගත් ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමට එක්කර තිබෙන විරාත් එයට පෙරවදනක් එක්කර සටහන් කර ඇත්තේ “මෙවැනි මනරම් පරිසරයක් සෑම උදෑසනකම දැක ගන්නට තිබුනා”(If only I could wake up to this every morning!!) නම් යනුවෙනි.

විරාත්ගේ මෙම ට්විටර් සටහන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද ධණාත්මක බලපෑමක් එක් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *