චීනයේ ජනප්‍රිය පොදු පා පැදි සේවය ඉතාලියටත්

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ජනප්‍රිය පොදු පා පැදි සේවය පසුගියදා ඉතාලියේ දී ආරම්භ කරනු ලැබීය. චීනයේ ප්‍රමුඛතම පා පැදි සමාගමක් වන “මෝබයික්” (Mobike) සමාගම ඉතාලියේ ප්‍රාදේශීය බලධාරීන් සමග සාකච්ඡා කර මෙම සේවාව එරට වැසියන්ට ලබාදීමට ඉදිරිපත්ව තිබේ.

මේ වනවිට චීනයේ මෝබයික් සමාගම සිය සේවාව සිංගප්පූරුව, බ්‍රිතාන්‍ය හා ජපානය යන රටවල ව්‍යාප්ත කර ඇත. ඉතාලිය සිය සිව්වන වෙළෙදපල වේ.

ඉදිරි අගෝස්තු මාසයේදී පාපැදි 4000 ක් නිල වශයෙන් ෆ්ලෝරන්ස් සහ මිලාන්හිදී දියත් කිරීමට අපේක්ෂා කෙරේ.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී චීනයේ ෂැංහයි නගරයේදී ආරම්භ කළ මේ සේවාව සදහා මේ වන විට ලොව පුරා මිලියන 100 ක් පමණ ලියාපදිංචි වී සිටි.

මේ වසර අවසාන වන විට ලොව පුරා නගර 200 ක් අවරණය කිරීම මේ සමාගමේ ඉදිරි අපේක්ෂාව වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *