තෙල් බෙදාහැරීම යුද හමුදාව මඟින්

(කොළඹ, ලංකාපුවත්) – ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කිරීමත් සමඟ කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් ගබඩාවලින් තෙල් බෙදාහැරීම යුද හමුදාව යොදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව වර්ජනයට එක්ව සිටින සේවකයන් එම ස්ථානවලින් ඉවත් කර ඊට සහය නොදක්වන සේවකයින්ගේ ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා අතර ඊයේ (25) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බැවින් වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *