තෙල් සැපයීම අද සවස සිට යථා තත්ත්වයට

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා තෙල් බෙදාහැරීම් සහ ප්‍රවාහන කටයුතු අද (26) සවස් කාලයේ සිට යථා තත්ත්වයට පත් වන බව සම කැබිකට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

තෙල් බෙදාහැරීමේ කටයුතු සඳහා යුද හමුදාවේද තාක්ෂණික සහය ලබාදී තිබෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. ඒ මහතා ප්‍රකාශ කළේ පවතින තත්ත්වය තුළ රාජ්‍ය දේපල ආරක්ෂා කිරීමටත්, වර්ජනයෙන් ඉවත්ව සිටින නිලධාරීන් ආරක්ෂා කිරීමටත් කටයුතු කර තිබෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *