දෙවතාවක් පරාජයට පත්වූ රිපබ්ලිකන් යෝජනාව

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂණ පනත වෙනුවට නව රිපබ්ලිකන් පක්ෂ යෝජනාව සම්මත කිරීමට අමෙරිකා සෙනෙට් මණ්ඩලය අසමත්වී ඇත.

අදාළ යෝජනාව පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වේ. සෙනෙට් මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමේ දී යෝජනාවට විපක්ෂව ඡන්ද 55ක් ලැබී තිබේ. ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 45ක් පමණි.

මේ අනූව වැඩි ඡන්දයෙන් යෝජනාව පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

යෝජනාව පරාජයට පත්වීමත් සමග රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභිකයන් සූදානම් වන්නේ මතභේදාත්මක වගන්ති සංශෝධනය කරමින් යළි සැලැස්මක් ඉදිරිපත් කිරීමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *