හිටපු කොටි සමාජිකයා ජීවිතාන්තය තෙක් සිරගෙට

(කොළඹ, ලංකාපුවත්) – උතුරේ යුද සමයේදී සිය දියණිය ඇතුළු ළමයින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් එල්.ටී.ටී. සංවිධානයට බඳවා ගැනීමට වැරදිකරුවකු වූ හිටපු කොටි සාමාජිකයකුට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරිණ.

මෙම නඩුව ඊයේ(26) විභාග වුයේ වව්නියාව මහාධිකරණ විනිසුරු බාලෙන්ද්‍රන් ශෂි මහේද්‍රන් ඉදිරියේය. එහිදි මහාධිරණ විනිසුරු ශෂි මහේද්‍රන් අදාළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කරන ලදි.

2008 වසරේදී කේ. දාසන් නමැති සැකකරු අවස්ථා කිහිපයකදී ළමුන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවට පොලීසියට පැමිණිලි ලැබි තිබුණි. එසේ වුවද අදාල සැකකරු එවකට කොටි සංවිධානයේ සිටි හෙයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබුණි.

2009 වසරේ අවසන් යුද සමයේදි සැකකරු ඔහුගේම දියණියද කොටි සංවිධානයට බලහත්කාරයෙන් රැගෙන ගොස් බඳවාගෙන ඇති බවට සැකකරුගේ ඥාතීන් කිලිනොච්චිය පොලීසියට පැමිණිලි කර තිබේ.

යුද්ධය නිමා වීමෙන් පසු සැකකරු ආරක්ෂක අංශ වෙතට භාර වී පුනරුත්ථාපනය වී ඇත.

එසේ පුවරුත්තාපනයවී නැවත කිලිනොච්චියේ පිහිටි නිවසට ගිය පසු පවුලේ අය කළ පැමිණිල්ලට අනුව කිලිනොච්චිය පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එ අනුව මෙම නඩුව නැවත විමසිම සිදුවිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *