ඇෆ්ගනිස්ථානයේ හමුදා කදවුරකට ප්‍රහාරයක් – සෙබළුන් 26 ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ හමුදා කදවුරකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සෙබලුන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇත. ඉන් සෙබලුන් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කන්දහාර් පළාතේ කර්සාලි ප්‍රදේශය තුළ දැඩි සටන් පවතින බව ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මෙය තලේබාන් ත්‍රස්තයින් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බව එරට වාර්තා සදහන් කර ඇත.

හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් කැරළිකරුවන් අසූ දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව තලේබාන් ත්‍රස්තයින් ප්‍රකාශ කර තිබේ.

ඔවුන් මෑත කාලයේ අසල්වැසි හෙල්මන්ඩ් පළාතේ බොහෝ ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් අනතුරුව කන්දහාර් සහ කුන්දූස් ඇතුළු ප්‍රදේශ රැසක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව සදහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *