(කොළඹ, ලංකාපුවත්) – ඉතාලියට බලපා ඇති නියං කාලගුණය හේතුවෙන් එරට ජනතාව පීඩාවට පත්ව සිටි.
රෝමයේ ප්‍රධාන ජල සැපයුම් සමාගම් දිනකට පැය අටක ජල කප්පාදුවක් කිරීමට යෝජනා කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. ඒ හේතුවෙන් ලක්ෂ 15කට අධික පිරිසක් දුෂ්කරතාවලට පත්වන බව සදහන්ය.
යම් හෙයකින් රෝමයේ ජල කප්පාදුවක් ක්‍රියාත්මක වුවහොත් එමගින් සනීපාරක්ෂාවට තර්ජනයක් ඇති විය හැකි බව එරට සෞඛ්‍ය අමාත්‍ය බියට්‍රිස් ලොරෙන්සින් අනතුරු අගවා තිබේ.
වසර 60කට පසුව ඉතාලියට බලපෑ තෙවන දරුණුතම නියං තත්ත්වය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.