“ඩිජිටල් බැංකුකරණය” එළිදකී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයේ සුවිශේෂී මංසලකුණක් සනිටුවහන් කරමින් මහජන බැංකුවේ ඩිජිටල් මධ්‍යස්ථානය කොළඹ 01, යෝර්ක් වීදියේ, අංක 68 දරණ ස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් ඊයේ (27) විවෘත කෙරිණි.

මෙය පුර්ණ වශයෙන් ඩිජිටල්කරණය වූ ප්‍රථම බැංකු මධ්‍යස්ථානයද වේ. එමෙන්ම මෙදින සිය ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වඩාත් ඉක්මන් හා පහසු සේවාවක් ලබාදීම සඳහා පීපල්ස් එක්ස්ප්‍රස් බෑන්කින් සේවාව දියත් කිරීමටද මහජන බැංකුව පියවර ගත්තේ ය.

ආරම්භයේදී නව ඩිජිටල් යන්ත්‍ර හා පහසුකම් භාවිතයෙන් ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන්ට ඒ සම්බන්ධයෙන් මගපෙන්වීම් සිදුකිරීම සඳහා බැංකු කාර්ය මණ්ඩලය කටයුතු කරනු ඇති අතර, මේ පිළිබ`දව ගනුදෙනුකරුවන් මනා පළපුරුද්දක් ලැබූ පසු ඔවුන්ට සහයෝගයකින් තොරව තම ගනුදෙනු කටයුතු සිදුකිරීමට හැකියාව ලැඛෙනු ඇත. 2020 වසර වනවිට වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංකුව බවට පත්වෙමින් සිය ගනුදෙනුකරුවන්ට ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ උපරිමයෙන් අත්පත් කර දීම සඳහා මහජන බැංකුව යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකි වේ.

මෙම ඩිජිටල් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්,
විදේශ අමාත්‍ය රවී කරුණානායක, ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා ඇතුළු ආයතනික කළමනාකාරිත්වය, රජයේ නිලධාරීන්, බැංකු නිලධාරීන් සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි විය.

මෙම නව ඩිජිටල් මධ්‍යස්ථානය පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ ගනුදෙනුකාර අවශ්‍යතා සහ ක්ෂේත්‍රයේ ප්‍රවණතා හොඳින් අවබෝධ කරගනිමින් ඒවාට ප්‍රතිචාර දැක්වීම නිසා රටේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ලබාදෙන ආයතනයක් බවට පත්වීමට බැංකුවට හැකියාව ලැබී ඇති බවයි. ‘රටේ විශාලතම ගනුදෙනුකාර පදනමක් සහිත බැංකුව ලෙස , නව ලොව ප්‍රවණතා අනුව යමින් ඩිජිටල්කරණයේ පෙරමුණ ගැනීමට අපට හැකිවී තිඛෙනවා. මේ ආකාරයට මෙරට ගනුදෙනුකරුවන්ට ඩිජිටල් බැංකුකරණයේ ප්‍රතිලාභ තිළිණ කිරීම සඳහා ඩිජිටල් මධ්‍යස්ථානයක් දියත් කිරීමට ලැබීම අපට විශාල සතුටක්. මෙය ග්‍රාමීය ගොවි ප්‍රජාවගේ පටන් රටේ ඉහළම තලයේ ව්‍යාපාර දක්වා අප හා අත්වැල් බැඳගෙන සිටින සියලූම දෙනාට ප්‍රතිලාභ රාශියක් සලසා දේවි කියා මා සිතනවා. ඒ වගේම අපගේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ නිසා බැංකුව හා ගනුදෙනුකරුවන් යන දෙපාර්ශ්වයටම සුවිශාල වර්ධනයක් අත්පත් කරගැනීමට හැකිවේවි. ඩිජිටල්කරණය වූ රාජ්‍ය බැංකුවක් මගින් රටේ ආර්ථීකයටද පෙර නොවූ විරූ ප්‍රතිලාභ අත්වනු ඇති බව, රටේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන මහජන බැංකුව විශ්වාස කරනවා.’ ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

නව ඩිජිටල්කරණ මධ්‍යස්ථානය මගින් ලැඛෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත මහතා කුමාර් මහතා පැහැදිලි කළේ මෙසේ ය. ‘ඩිජිටල් මධ්‍යස්ථානය විවෘත කිරීම මහජන බැංකු ඉතිහාසයේ අභිමානවත් මොහොතක්. දැන් මෙම ශාඛාව වෙත පැමිණෙන ගනුදෙනුකරුවන්ට ‘එක්ස්ප්‍රස් බෑන්කින්’ සේවාව භාවිතයෙන් ක්ෂ‚කව තම ගනුදෙනු සිදුකිරීමේ අවස්ථාව ලැඛෙනවා. මේ ඔස්සේ ඔවුන්ට ගිණුමක් විවෘත කළ අවස්ථාවේ පටන් විද්‍යුත් ගිණුම් ප්‍රකාශ,SMS Alert සේවාව, ඩෙබිට් කාඩ්පත්, මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම, ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීම, ජංගම දුරකථන හා අන්තර්ජාල බැංකුකරණ සේවා සහ ගෙවීම් යන්ත්‍ර ඔස්සේ බිල්පත් ගෙවීම ඇතුළු තවත් සේවාවන් රාශියක් ලබාගැනීමේ පහසුව හිමිවේවි. ඒ වගේම ළඟදීම රටේ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාවටත් එක්ස්ප්‍රස් බෑන්කින් සේවාවන් සමීප කිරීමටත් අප පියවර ගන්නවා. ඉදිරියේදී තවත් ශාඛාවන් පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කරමින් අපගේ කාබන් පිය සටහන අවම කරන අතර කඩදාසි භාවිතය අවම කර පරිසරය සුරැකීමට තවතවත් දායක වීම අපගේ ඉලක්කයයි.’

ඉතාමත් සුවිශේෂී පෙනුමකින් සහ අති නවීන පහසුකම් වලින් සමන්විත මෙම නව ඩිජිටල් මධ්‍යස්ථානය තුළදී ඩිජිටල් බැංකුකරණයේ නොයෙකුත් ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට මගපෙන්වීම සඳහා එහි පුහුණු කාර්ය මණ්ඩලය සූදානමින් සිටිති.

මහජන බැංකුව යනු කවදත් මෙරට බැංකු ක්ෂේත්‍රයේ අනාගතය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛත්වය ගත් බැංකුවකි. එහි ඩිජිටල්කරණ වැඩසටහන සම්පූර්ණ වූ විට එය ගනුදෙනුකරුවන්ට ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් මෙන්ම වඩාත් නිවැරදි හා ලාභදායී ලෙස පැය 24 පුරාම තම බැංකුව සමග ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා දෙනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංකුව බවට පත්වීම මගින් සිය ගනුදෙනුකරුවන් සියලූ දෙනාට කිසිදු භේදයකින් තොරව තම සේවාවන් සියල්ල ලබාගැනීමේ පහසුකම සලසා දීමට බැංකුවට හැකියාව ලැබේ. මෙම ඩිජිටල් පරිවර්තනය ගනුදෙනුකරුවන්ට අඛණ්ඩව සේවා ලබාදෙන සුවිශේෂී අත්දැකීමක් වනු ඇති අතරම, එය ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තබන පියවරක්ද වනු නොඅනුමාන ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *