තෙල් බවුසර් දෙසිය පනස් එකක් උදේ වැඩ පටන් අරන්

(කොළඹ, ලංකාපුවත්) – ඛනිජ තෙල් බවුසර් 251ක් අද (27) උදෑසන තෙල් බෙදා හැරීමේ කටයුතු සදහා පිටත් කර යවා ඇත.

කොළොන්නාව හා මුතුරාජවෙල ඛනිජ තෙල් තොග නිමා පර්යන්ත කෙරෙන් මෙම තෙල් අද උදෑසන පිටත් කර යැවුණු බව ශ්‍රී ලංකා තෙල් ගබඩා සංකීර්ණයේ කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා පැවසීය.

අද පෙ.ව 6.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා වන කාලය තුළ කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් ඉන්ධන බවුසර් 176ක් ඉන්ධනහල් වෙත පිටත් කර යවා තිබේ. ඒවායේ පෙට්‍රල් මෙ.ටොන් 830ක් හා ඩීසල් මෙ.ටොන් 1285ක් අන්තර්ගත වේ.

එසේම මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයෙන් ඉන්ධන බවුසර් 75ක් පිටත් කර යවා ඇති අතර එවායේ පෙට්‍රල් මෙ.ටොන් 380ක් හා ඩීසල් මෙ.ටොන් 788ක් පවත්නා බව විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *