ලිංගික විපර්යාසයන්ට ලක්වූවන් අමෙරිකා හමුදාවට බඳවා ගැනීම නැවතීමට තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ලිංගික විපර්යාසයන්ට ලක්වූ පුද්ගලයන් අමෙරිකා හමුදාවට බඳවා ගැනීම නතර කිරීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇත.

ඒ අනුව අමෙරිකා හමුදාව තුළ කිසිම ආකාරයේ සේවාවක නිරත වීම ලිංගික විපර්යාසයන්ට ලක්වූ පුද්ගලයන්ට තහනම් වේ.

හිටපු අමෙරිකා ජනාධිපති බරක් ඔබාමා ඔහුගේ පාලන සමයේ දී මෙම ප්‍රතිපත්තිය ලිහිල්කර තිබුණි. ඒ අනුව ලිංගික විපර්යාසවලට ලක්වූ අයට හමුදාවේ සේවය කළ හැකි බව එවකට ප්‍රකාශ කෙරුණි.

කෙසේ වෙතත් එම තීරණය ක්‍රියාත්මක කිරීම මාස හයක කාලයක් ප්‍රමාදකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *