සතොස කොකේන් ගේන්න සම්බන්ධ නැහැ – ඇමති බදියුදීන්

(කොළඹ, ලංකාපුවත්) – කොකේන් ගෙන්වීමට ලංකා සතොස සමාගමේ සම්බන්ධයක් නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

අදාළ කොකේන් තොගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇත්තේ ද සතොස නිලධාරීන් විසින් බවත් පරීක්ෂණ අවසන් වන තුරු සීනි ගෙන්වන ලද පෞද්ගලික ආයතනයෙන් භාණ්ඩ මිලදී ගැනීම තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර ඇති බවත් ඇමතිවරයා පැවසී ය.

තමන්ගේ මැදිහත්වීමෙන් ඇමති ධුරයට පත් වූ දින සිට සතොස ආයතනය මඟින් කිසිදු භාණ්ඩයක් ආනයනය කරනු ලැබ නොමැති බවත් පෞද්ගලික භාණ්ඩ සැපයුම්කරුවන් මඟින් භාණ්ඩ ආනයනය සිදු කෙරෙන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *