Culinary Art Food Expo- 2017 ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – සුපවේදින්ගේ නිර්මාණ දක්ෂතා ඇගයෙන Culinary Art Food Expo 2017 ප‍්‍රදර්ශනය සහ තරගාවලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී ආරම්භ කෙරිණි.
17 වැනි වරටත් ශ්‍රී ලංකා සුපවේදී සංසදය මගින් සංවිධානය කරනු ලබන මෙම ප‍්‍රදර්ශනය අද සිට 30දා දක්වා පැවැත්වෙයි.

දිවයින පුරා විසිර සිටින දක්ෂ සුපවේදීන්ට, ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනු සුපවේදීන් වෙත තම දක්ෂතා ඉදිරිපත් කිරීමට මෙන්ම ආහාරපාන සැකසුම් අංශයේ ජයග‍්‍රහණ ලබා ගැනීමට මේ තුළින් අවස්ථාව සැලසේ.

සුපවේදීන් 1800 කට වැඩි පිරිසක් මෙම ආහාර සැකසුම් තරගාවලිය සඳහා එක්ව සිටින අතර දෙස් විදෙස් විනිසුරු මඬුල්ලක් විසින් ජයග‍්‍රාහකයින් තෝරගනු ලැබේ.

එමෙන්ම ආහාරපාන හා සත්කාර සේවා අංශයේ විශාල පිරිසක් මෙම ප‍්‍රදර්ශනය වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඔවුන් වෙනුවෙන් ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරික අවස්ථා සහ සබඳතා ගොඩනගා ගැනීමේ සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් ද සංවිධානය කර තිබේ.

අමාත්‍ය ජෝන් අමරතුංග, ශ්‍රී ලංකා සුපවේදී සංසදයේ සභාපති ජෙරාඩ් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *