පසුගිය වසරේ ලියාපදිංචි මෝටර්රථ සංඛ්‍යාවන ලක්‍ෂ 68දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය 2016 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මෝටර් රථ ප්‍රමාණය ලක්ෂ 68 දක්වා ඉහළ ගොස් ඇත.

2015 වසරේ ලක්ෂ 63කට ආසන්න රථවාහන සංඛ්‍යාවක් ලියාපදිංචිකර තිබූ අතර ඒ අනූව, පසුගිය වසරේ ලියාපදිංචිය වැඩිවීම 8%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය නිකුත් කළ මෝටර් රථ වාර්තාවේ සඳහන් වේ.

පසුගිය වසරේදී මෝටර් රථ ආනයනයට රුපියල් බිලියන 194ක් වැය වී ඇති අතර එය 2015 වසරට සාපේක්ෂව 32%ක පහළ යාමක් බව එම වාර්තාවේ දැක්වේ.

2015 වසරේදී මෝටර් රථ ආනයනයට ශ්‍රී ලංකාව රුපියල් බිලියන 288ක් වැය කර තිබේ. එම පහළ යාමට බලපා ඇත්තේ මෝටර් කාර් අංශයේ වාහන ආනයනය පහළ යාමය.

එසේම මෝටර් රථ ලියාපදිංචිය 2015වසරට සාපේක්ෂව 26%කින් පහළ ගොස් තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇති ලියාපදිංචි වාහනවලින් 54%ක් යතුරු පැදි වන අතර ත්‍රීරෝද රථ 16%ක් හා මෝටර් රථ 11%ක් වන බව එම වාර්තාවේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *