අමෙරිකාවෙන්, වෙනිසියුලා ජනාධිපති එරෙහිව සම්බාධක

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාව වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට එරෙහිව සම්බාධක පනවා ඇත.

ඒ අනුව ඔහු සතුව ඇති අමෙරිකානු වත්කම් තහනම් කිරීමට නියමිතය.

මෙම සම්බාධක යටතේ ඔහුට එක්සත් ජනපදයේ සමාගම් සහ පුරවැසියන් සමඟ ගනුදෙනු කිරීම ද තහනම් වනු ඇත.

නව ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමේ අරමුණෙන් මැතිවරණයක් පැවැත්වීම මීට හේතුව වේ. එම මැතිවරණය අතරතුර හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්‍ෂයට පත්විය.

ජනාධිපති මදුරෝ ඒකාධිපතියෙකු බවට අමෙරිකා රජය චෝදනා කරනු ලැබේ.

කෙසේ නමුත් තමා සම්බාධකවලට බිය නැති බව මදුරෝ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *