තුර්කියේ හමුදා කුමන්ත්‍රණයේ සැකකරුවන් 500 දෙනෙක් අධිකරණයට

(කොළඹ, ලංකාපුවත්) – තුර්කියේ හමුදා කුමන්ත්‍රණයට සහභාගිවූ බවට චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 500 දෙනෙකු අධිකරණයට ඉදිරිපත්කර තිබේ.

පසුගිය වසරේදී තුර්කි රජය බිඳ දැමීමේ අරමුණින් සිදුකළ හමුදා කුමන්ත්‍රණයට සහභාගිවූ බවට මෙම පිරිසට චෝදනා එල්ලවී ඇත. මෙම සිද්ධියෙන් සිවිල් වැසියන් 249 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තුර්කි ඉතිහාසයේ පවත්වන විශාලතම නඩු විභාගය මෙය ලෙස සැලකේ.

අපරාධ සිදුකිරීම, තුර්කි ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට උත්සාහ කිරීම සහ ව්‍යවස්ථාවට එරෙහිවීම යන චෝදනා ඔවුන්ට එල්ලවී තිබේ. මෙම පිරිස ගුවන් හමුදාව සමග එක්ව අන්කාරා නගරයට ප්‍රහාර එල්ලකර ඇති බවට ද සාක්ෂි ඇතැයි විදෙස් වාර්තා සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *