බි‍්‍රතාන්‍ය රැජින අතින් සම්මාන ලැබූ ශී‍්‍ර ලාංකික තරුණයින් දෙදෙනා ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – යෞවන නායකත්වය වැඩසටහන යටතේ බි‍්‍රතාන්‍ය රැජින අතින් සම්මාන ලබා මහ රැජිනගේ තරුණ නායකයින් වීමේ සුවිශේෂී භාග්‍යය උදාකරගත් රඛිත මාලේවන සහ සෙනෙල් වන්නිආරච්චි තරුණයින් දෙදෙනා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූහ.

මෙම තරුණයින් දෙදෙනා ශී‍්‍ර ලංකාවට අත්කරදුන් කීර්තිය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සිය ආශිර්වාදය පිරිනැමීය.

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල විසිර සිටින ජනතාව තුළ තිරසර වෙනසක් ඇති කිරීමේ අරමුණ පෙරදැරිව ස්වකීය කුසලතාවයන් පොදුජන ජීවිත වෙනස් කරලීම උදෙසා භාවිතා කරනු ලබන තරුණ තරුණියන් හඳුනා ගැනීම සඳහා මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරිණි.

බි‍්‍රතාන්‍ය රැජින විසින් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් අතරින් තෝරාගත් තරුණ නායකයින් 60 දෙනෙකුට මෙලෙස එංගලන්තයේ බකිංහැම් මාලිගාවේදී සම්මාන පිළිගැන්වූවාය.

ශී‍්‍ර ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීමේ අරමුණින් පුහුණු වැඩමුළු සංවිධානය කිරීම, සමාජ මාධ්‍ය, තරුණයන් හා කාන්තාවන් දැනුවත් කිරීමට හා බලායනය කිරීම සඳහා භාවිතා කිරීම, තරුණ ප‍්‍රජාව, ස්තී‍්‍ර පුරුෂ සමානාත්මතාව සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා භාවිතා කිරීම යන කරුණු මත සෙනෙල් වන්නිආරච්චි තරුණයා මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.

2014 වසරේ ශී‍්‍ර ලංකාවේ එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිතයා වූ සෙනෙල් වන්නිආරච්චි කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ විශේෂ උපාධිධාරියෙකි.

එච්.අයි.වී ආසාදිතයන් සඳහා ඖෂධයක් සොයා ගැනීම වෙනුවෙන් රඛිත මාලේවන තරුණයා බි‍්‍රතාන්‍ය මහ රැජින අතින් සම්මානයෙන් පිදුම් ලැබීය.

දැනට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර වෛද්‍ය පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන රඛිත මාලේවන නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලය තුළ එච්.අයි.වී සඳහා නව එන්නතක් සොයා ගැනීම සිදුකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *