2028 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් තරගාවලිවල සත්කාරකත්වය ලොස් ඇන්ජලීස් නගරයට

(කොළඹ, ලංකාපුවත්) – 2028 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් තරගාවලිවල සත්කාරකත්වය ලොස් ඇන්ජලීස් නගරයට හිමිව තිබේ.

ඔලිම්පික් තරගාවලියක සත්කාරකත්වය ලබාගැනීමට ඉහළ තරගයක් පවති.

ඒ අනුව 2028 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් තරගාවලි සදහා ලොස් ඇන්ජලීස් නගරය ඉදිරිපත් කළ යෝජනාවලිය අනුමත වී ඇත.

ලොස් ඇන්ජලීස් නගරයට මෙම සත්කාරකත්වය ලබා ගැනීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෞද්ගලික මට්ටමෙන් මැදිහත් වී තිබුණි.

තරගාවලි සංවිධානයට අමෙරිකා ඩොලර් බිලියන එකයි දශම අටක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ලබා දීමට එකග වී තිබේ. එය අමෙරිකා ඩොලර් බිලියන දෙක ඉක්මවිය හැකි බවය ද වාර්තා වේ.

1996 වසරේ ඇත්ලන්ටාහි ඔලිම්පික් තරගාවලියක් පැවැත්වීමෙන් පසුව මෙවර අමෙරිකාවට යළිත් සත්කාරකත්වය දිනා ගැනීමට සමත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *