ඇමති රවී කරුණානායක බැදුම්කර කොමිසම හමුවට එයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු මුදල් අමාත්‍ය සහ වර්තමාන විදේශ අමාත්‍ය රවී කරුණානායක මහ බැංකු බැදුම්කර කොමිසම හමුවට මේ වන විට පැමිණ ඇත.

අමාත්‍යවරයාට පසුගිය 26 වනදා ද කොමිසමට කැඳවා තිබූ අතර, එදින කොමිසම හමුවේ පෙනී නොසිටිය හැකි බව දන්වා තිබුණි.

ප‍්‍රශ්න ගත බැදුම්කර ගණුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක කටයුතු කිරීම හා ඔහුගේ සබඳතා පිළිබඳ අනාවරණ වීම හේතුවෙන් ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීමට ඔහු බැදුම්කර කොමිසම හමුවට කැඳවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *