ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 30 දෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නගරයේ මුස්ලිම් දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 64 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් වාර්තාවල දක්වා ඇත්තේ සන්ධ්‍යා දේව මෙහෙය අතරතුරදී ප්‍රහාරය එල්ල වී ඇති බව ය.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සහ සන්නද්ධ තුවක්කුකරුවෙකු ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව ඇෆ්ගනිස්ථාන බලධාරීන් සදහන් කර ඇත.

පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ, මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ය.

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පෙර සන්නද්ධ තුවක්කුකරු දේවස්ථානය තුළ සිටි වන්දනාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, සිද්ධියෙන් පසු හෙරාට් නගරයේ ඉරාන දේශසීමාව වසා දමා ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *