සැප්තැම්බර් 02වනදා ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සැප්තැම්බර් 02වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර උත්සවයේදී වැදගත් පණිවුඩයක් ලබාදීමට සූදානමින් සිටින බව බස්නාහිර පළාත් ප්‍රධාන අමත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් ජනාධිපතිවරයා සමග සිටින බැවින් සංවත්සරය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවය.

පළාත් ප්‍රධාන අමත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මේ පිලිබදව කරුණු සදහන් කලේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම උත්සවය වෙනුවෙන් තමන් කොළඹ නගරය ‘නීල’ වර්ණයෙන් සරසන බවත් මහ ඇමතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඉසුර දේවප්‍රිය මහතා කියා සිටියේ ආණ්ඩුව කඩා බිඳ දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකු සූදානම් නැති බවත්, 2020 වන තුරු ප්‍රධාන මැතිවරණයක් නොපැවැත්වෙන බැවින් ඊට පෙර ආණ්ඩුවක් පිහිටුවීමට කිසිම පක්ෂයකට බලය ලැබී නැති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *