සිඟිති තරු තාරකා විද්‍යා පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් නොමිලේ පවත්වනු ලබන “ සිඟිති තරු” තාරකා විද්‍යා පාඨමාලාවේ 3 වන කණ්ඩායම බඳවා ගැනීම සඳහා අයදුම්පත් බාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.

2017 සැප්තැම්බර් මස ආරම්භ කෙරෙන මෙම පාඨමාලාවේ කාලය මාස 04කි.

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන්ට මේ සඳහා සහභාගී විය හැකි අතර සෑම සෙනසුරාදා දිනකම පෙ.ව.10.00 සිට 12.00 දක්වා පාඨමාලාව පැවැත්වේ.

මේ සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන සිසු සිසුවියන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර කාර්යාලයෙන් හෝ www.planetarium.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගන්නා අයදුම්පත් සම්පුර්ණ කර 2017.08.25 දිනට පෙර කාර්යභාර නිළධාරී, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය, ස්ටැන්ලි විජේසුන්දර මාවත, කොළඹ 07. ලිපිනයට යොමු කළ යුතුය.

ඉඩකඩ සීමිත බැවින් සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බව කාරුණිකව සලකන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *