දුම්රියේ වෙළඳාම් කරන්නන් සහ සිඟමන් යදින්නන්ට එරෙහිව නීති වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය මැදිරි තුළ අනවසරයෙන් වෙළඳාමේ යෙදෙන පුද්ගලයින් සහ සිඟමනේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය ප්‍රධාන ආරක්ෂක නිලධාරී අනුර ප්‍රේමරත්න මහතා පැවසුවේ, අනවසරයෙන් වෙළඳාමේ යෙදුනු පුද්ගලයන් 40 දෙනෙකු සහ සිඟමනේ යෙදුන පුද්ගලයන් 15 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ය.

දුම්රිය ස්ථානවල සහ දුම්රිය තුළ සිදුවන අනවසර වෙළඳාම් නතර කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *