(කොළඹ, ලංකාපුවත්) – රුසියාවට එරෙහි නව සම්බාධක පැනවීමේ පනතට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
ඉකුත් වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී රුසියානු මැදිහත්වීමට විරෝධය පළ කිරීමක් ලෙස නව සම්බාධක පනවා ඇත. ජනාධිපතිවරයා පනතට අත්සන් තබා ඇත්තේ ධවල මන්දිරයේදී ය.
රුසියාවට මෙන්ම, ඉරානය හා උතුරු කොරියාවට පැනවූ සම්බාධක ද මීට ඇතුළත්ය. ජනාධිපතිවරයා පනතට අත්සන් තැබීමත් සමග එය නීතියක් බවට පත් වේ. අමෙරිකාව, රුසියාව සමග පූර්ණ වෙළෙද යුද්ධයක් ප්‍රකාශයට පත් කිරීම සම්බාධකවලින් අර්ථවත් වන බව රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙෆ් පවසා සිටියි.
අමෙරිකානු ජනාධිපතිවරණයට තම මැදිහත්වීම පිළිබඳ චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කර ඇත. නව සම්බාධක මගින් න්‍යෂ්ටික එකඟතාව උල්ලංගණය වන බව ඉරානය ද කියා සිටියේය.