2017 වසරේ මේ දක්වා අන්තර්ජාලය ගැන පැමිණිලි 1950 ක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ අන්තර්ජාලය සම්බන්ධ පැමිණිලි 1950 ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කර සිටියි.

අදාළ පැමිණිලිවලින් වැඩි සංඛ්‍යාවක් ෆේස්බුක් ගිණුම් සම්බන්ධ පැමිණිලි වේ.

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සකස් කිරීම, අනවරයෙන් ෆේස්බුක් ගිණුම්වලට ඇතුළුවීම, ෆේස්බුක් ගිණුම්වල පවතින ඡායාරූප වෙනත් ගිණුම්වලට යොදාගැනීම යන කරුණු සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇත.

අදාළ පැමිණිලි සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සදහන් කළේය.

ෆේස්බුක් ගිණුම් සම්බන්ධ පැමිණිලිවලට අමතරව වෙබ් අඩවි සහ ඊමෙල් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන්ද මේ වසරේ ගතවූ මාස හත තුළ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත පැමිණිලි ලැබී තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *