කැළණිය පාලම මත දිසා පෙන්වූ පුවරුවක් කඩා වැටීමේ සිද්ධියට රියදුරු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කැළණිය පාලම මත සවිකර තිබූ මාර්ග දිසා පෙන්වානු ලබන පුවරුවක් වාහනයක් මතට පතිත වීම හේතුවෙන් අද(04) උදෑසන කැළණිය පාලම අසල විශාල මාර්ග තදබදයක් ඇති විය.

පොලිස් සීසීටීවී කැමරා දර්ශන මගින් ලබා ගත් තොරතුරු අනුව මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ අපරික්‍ෂාකාරී ලෙස රිය පැදවීම බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

මෙලෙස අපරික්‍ෂාකාරී ලෙස රිය ධාවනය හේතුවෙන් ජීවිත මෙන්ම දේපළවලට ද හානි සිදුවිය හැකිය. එවන් අනතුරු හේතුවෙන් ඇතිවන රථවාහන තදබදය නිසා මහජනතාවගේ කාලය සහ මුදල් ද වැය වනු ඇත.

මෙය සැලකිල්ලට ගනිමින් අදාළ වාහනයේ රියදුරු අත්අඩංගුවට ගෙන අළුත්කඩේ අංක 07 මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(04) ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම රියදුරු ලබන 08වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත මෙම අනතුර පිළිබද ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *