උසස් පෙළ ඇගයීම් සැප්තැම්බර් 07 – 20 අතර

(කොළඹ, ලංකාපුවත්) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන සැප්තැම්බර් 07 වැනිදා සිට 20 වැනිදා දක්වා සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පාසල් 27ක් යොදා ගැනීමට නියමිත ය.

ඒ අනුව, පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පාසල් 5ක් සම්පූර්ණයෙන් යොදා ගැනිමටත්, පාසල් 22ක් පාසල පැවැත්වෙන අතරතුර කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සඳහා යොදා ගැනීමටත් නියමිත ය.

ඇගයීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල්වල තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 21 වැනිදා ආරම්භ වන බවද, පාසල පැවැත්වෙන අතරතුර කොටසක් පමණක් වසා ඇගයීම් සිදුකෙරෙන පාසල් නියමිත පරිදි සැප්තැම්බර් 06 වැනිදා ආරම්භ වන බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර විහාරමහා දේවී බාලිකා විද්‍යාලය, මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය සහ මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලය ඇගයීම් කටයුතු සඳහා පූර්ණ වශයෙන් වසා තැබෙන පාසල් වේ.

අර්ධ වශයෙන් වසා තැබෙන පාසල් වන්නේ කොළඹ විශාඛා විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කළුතර වේලාපුර මහා විද්‍යාලය, මීගමුව ශාන්ත පීතර මධ්‍ය මහ විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය, රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලය, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, මාතර සුජාතා විද්‍යාලය, මාතර ශාන්ත තෝමස් විද්‍යාලය, හාලිඇළ මහා විද්‍යාලය, බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලය, කල්මුණේ වෙස්ලි විද්‍යාලය, මඩකළපුව වින්සන්ට් උසස් බාලිකා විද්‍යාලය, වව්නියා දෙමළ මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *