ලබන සදුදා අර්ධ චන්ද්‍රග්‍රහණයක්

(කොළඹ, ලංකාපුවත්) – ලබන සදුදා (07) අර්ධ චන්ද්‍රග්‍රහණයක් දර්ශනය වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතිකවිද්‍යා අංශයේ තාරකාවිද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනයට සදහන් කළේය.

මෙම ග්‍රහණයේ ආරම්භය ලබන 07වනදා රාත්‍රී 09.20ට සිදුවන අතර ග්‍රහණ අවසානය 08වනදා අළුයම 02.21ට සිදු වේ. ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට ද යුරෝපය, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් බොහෝමයකට දිස්වනු ඇත.

පියවි ඇසට චන්ද්‍රග්‍රහණය දිස් වේ. චන්ද්‍රයා, පෘථිවියේ වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුළින් ගමන් කිරීම අරඹන අවස්ථාව 07වනදා රාත්‍රී 10.53ට උදාවන අතර චන්ද්‍රයා පූර්ණ ඡායාවෙන් ඉවත් වීම පැය 01යි විනාඩි 55කින් එනම් මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 48කට පසු සිදුවන බව ජයරත්න මහතා පැවසීය. ග්‍රහණය හොදින් දිස්වනුයේ රාත්‍රී 10.53 සිට ය. මෙම ග්‍රහණයේ උපරිම අවස්ථාව වන 07වනදා රාත්‍රී 11.51 වන විට චන්ද්‍රයාගෙන් සියයට 25කට ආසන්න ප්‍රමාණයක් පෘථිවි පූර්ණ ඡායාවෙන් වැසී ඇති සේ දිස්වන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියේය.

චන්ද්‍රග්‍රහණයක් නිතරම පාහේ සූර්යග්‍රහණයකට සති දෙකකට පෙර හො පසු ග්‍රහණ යුගලයක ආකාරයෙන් ඇතිවන අතර අගෝස්තු 21වනදා ශ්‍රී ලංකාවට නොපෙනෙන එහෙත් අමෙරිකාවට දිස්වීමට නියමිත පූර්ණ සූර්යග්‍රහණය මේවන විටත් ලොව මහත්ප්‍රසිද්ධියක් උසුලන සූර්යග්‍රහණයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට දිස්වීමට නියමිත මීළඟ චන්ද්‍රග්‍රහණ දෙන 2018 ජනවාරි 31 සහ ජූලි 27 දිනයන්හි දී පූර්ණ චන්ද්‍රග්‍රහණ දෙකක් ලෙස දිස්වනු ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *