තියුණු ආයුධයක් අතැතිව අයිෆල් කුළුණට නැගීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – තියුණු ආයුධයක් අතැතිව අයිෆල් කුළුණට නැගීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කුළුණ භාරව සිටින ආරක්ෂක සමාගම පවසන්නේ එම පුද්ගලයාගෙන් කිසිවෙකුට හානියක් සිදුව නැති බවය.

මෙම පුද්ගලයා අන්තවාදී ආගමික පාඨ කියමින් සිටි බව ද පොලීසිය සඳහන් කර ඇත.

සැකකරු පසුගිය දිනවල මනෝ චිකිත්සක වාට්ටුවකින් නිදහස් කරන ලද අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත. ඔහු 1998 වසරේ බටහිර අප්‍රිකාවේ ඉස්ලාමීය ජනරජයේ උපත ලද අයෙකි.

2015 නොවැම්බර් මස සිට ඉස්ලාම් අන්තවාදීන් විසින් ප්‍රංශයේ සිදු කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 130 දෙනකු මිය ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *