අපොස උසස් පෙළ විභාග ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යාන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද(08) ආරම්භ වේ.

අයැදුම්කරුවන් තුන් ලක්ෂ පහළොස් දහස් දෙසීය විසි හත් දෙනෙකු මෙවර පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

විශේෂ අවශ්‍යතා සහිත අයැදුම්කරුවන් 260 දෙනෙකු ද මීට ඇතුළත් ය. දිවයින පුරා මධ්‍යස්ථාන 2230ක දී විභාගය පැවැත්වේ.

විභාග පරිපාලනය සඳහා යොදවනු ලැබ ඇති නිලධාරීන් ගණණ 28,000කි.

අයැදුම්කරුවන් ස්මාර්ට් අත් ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මගින් විභාග වංචා සිදුකරන්නේ ද යන්න පිළිබඳ විශේෂ අවධානයෙන් පසුවන ලෙන ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විභාග ශාලාව තුල කිසියම් වංචනික ක්‍රියාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *