වේගපන්දු යවන්නන් පුහුණුවට රුමේෂ්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු තනතුරට රුමේෂ් රත්නායක මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා පිලේ වර්තමාන වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු චමින්ද වාස් මහතා නැවතත් වයස 19 න් පහළ සංචිතයට අනියුක්ත කිරීමට නියමිත බව වාර්තා වේ.

දකුණතින් වේග පන්දු යවන්නකු වූ 53 හැවිරිදි රත්නායක මහතා මීට පෙර ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේය. රත්නායක මහතා මීට පෙර ආසියානු ක්‍රිකට් සභාවේ මෙන්ම විදේශ කණ්ඩායම් කීපයක ද පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

අසූව දශකයේදී අග බාගයේ ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම වේග පන්දු යවන්නකු වූ රුමේෂ් රත්නායක ටෙස්ට් තරග 23 කදී කඩුලු 73 ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 70 කදී කඩුලු 76 ක් දවා ගැනීමට සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *