9/11 ප්‍රහාරයෙන් මිය ගිය තවත් පුද්ගලයෙකුගේ අනන්‍යතාව හඳුනා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – 2001 සැප්තැම්බර් 11 වැනි දින අමෙරිකාවේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය තවත් පුද්ගලයෙකුගේ අනන්‍යතාව හඳනා ගැනීමට හැකිවී තිබේ.

අල්කයිඩා සංවිධානය විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන්, පුද්ගලයින් 2753 දෙනෙකු මිය ගියේය. ප්‍රහාරය එල්ලවී වසර 16ක් ගතවුණත්, මිය ගිය බහුතරයකගේ අනන්‍යතාව තවමත් හඳුනාගැනීමට හැකිවී නැත.

මෑතකදී නව ඩී එන් ඒ තාක්ෂණය යොදා ගනිමින් සිදුකරන ලද පරීක්ෂණවලින් එම පිරිස අතරින් තවත් එක් අයෙකුගේ අනන්‍යතාවය හඳුනාගැනීමට හැකිව ඇත.

ඒ අනූව 9/11 ප්‍රහාරයෙන් මිය ගිය අය අතරින් 1641 දෙනෙකුගේ අනන්‍යතාව මේ වන විට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *