ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඇක්සර් පටෙල්ට ටෙස්ට් වරම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඇක්සර් පටෙල්ට ටෙස්ට් වරම් හිමිවනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

දෙරට අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 12වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතය.

නීතිවිරෝධී හැසිරීම හේතුවෙන් මෙම තරගය ඉන්දීය සුපිරි දගපන්දු යවන ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට අහිමිව ගියේය. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දුන් දඩුවමකට අනුවය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අතර ජඩේජා ටෙස්ට් පන්දු යවන්නන් අතර මෙන්ම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ද පළමු තැන දිනා ගැනීමට සමත්ව සිටි.

ඒ ශ්‍රී ලංකාව සමග පැවති පළමු හා දෙවන ටෙස්ට් තරගවලදී ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්ය. දෙරට අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඇක්සර් පටෙල්ට ටෙස්ට් වරම් ලබාදීමට තීරණය වී තිබේ. යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන පටෙල් වමත් දගපන්දු යවන්නෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *