දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගත හැකියි – ජාතික ඔලිම්පික් කමිටුව

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගත හැකි බවට ජාතික ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබේ.

2006 වසරේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය ලබාදුන්නේය.

දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ මීළඟ තරගාවලිය 2019 වසරේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ කත්මණ්ඩු නුවරදීය.

ඉන් අනතුරුව පැවැත්වීමට නියමිත තරගාවලියේ සත්කාරකත්වය ලබාදිය යුතු වන්නේ පාකිස්තානයයි. එහෙත් එරට ආරක්‍ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් එම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

කෙසේ නමුත් ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබුණ ද මෙතෙක් ප්‍රතිචාරයක් තමන් වෙත ලැබී නැති බව ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *