ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව පුපුරා නොගිය බෝම්බයක් සොයාගැනේ

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව පුපුරා නොගිය බෝම්බයක් සොයාගෙන තිබේ.

එය දෙවන ලෝක යුද සමයේ දී හෙළන ලද්දක් බව සදහන් වේ. අමෙරිකා හමුදාව මීට වසර හැත්තෑවකට පෙර මෙම බෝම්බය හෙලන්නට ඇති බව විස්වාස කෙරේ.

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අසල රථගාලක් ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි කම්කරුවන් පිරිසකට මෙම බෝම්බය හමු ව ඇත.

2011 වසරේ ෆුකුෂිමා ප්‍රදේශයේ හටගත් සුනාමි හා භූමිකම්පාව සමඟ ඇති වූ විකිරණ කාන්දුවක් හේතුවෙන් බොහෝ දෙනෙකුට මෙම ප්‍රදේශය හැර යෑමට සිදුවිය.

චර්නොබිල් අනතුරට පසු මෙතෙක් සිදුවූ විශාලතම න්‍යෂ්ටික අනතුර ලෙස ෆුකුෂිමා ඛේදවාචකය සැළකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *