කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය ලබන 15වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය ලබන 15වනදා සිට ක්‍රියාත්මක බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

සතියේ දිනවල පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා මෙය ක්‍රියාත්මක ය.

අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසීය.

මොරටුව සිට කොළඹ දක්වා සහ බත්තරමුල්ල ප්‍රදේශයේ සිට කොළඹ දක්වා මංතීරු 03කින් සමන්විත මාර්ග ප්‍රදේශවල ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම ප්‍රමුඛතා මංතීරුවල පුද්ගලික සහ ලංගම බස් රථවලට අමතරව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථවලට ද ගමන් කළ හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *