වීසා නොමැතිව තම රටට ඇතුළුවීමට කටාර් රාජ්‍යයෙන් රටවල් 80කට ආරාධනා

(කොළඹ, ලංකාපුවත්) –වීසා බලපත්‍ර නොමැතිව තම රටට ඇතුළුවීමට කටාර් රාජ්‍යය රටවල් 80ක ජනතාවට ආරාධනාකර සිටියි.

ඒ අනුව ඉන්දියාව, ලෙබනනය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව කටාරයට ඇතුළුවීමේ අවස්ථාව හිමිවේ.

කටාරයේ අසල්වැසි රාජ්‍යයන් වන ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තානාපති සබඳතා බිඳවැටීමත් සමග එරට සංචාරක කර්මාන්තයට ඇතිවූ අහිතකර බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වාර්තා වේ.

ඔවුන් කටාර් රාජ්‍ය සමඟ සබඳතා අත්හිටවූයේ ඉකුත් ජුනිමස පස්වනදාය. ඒ කටාරය ත්‍රස්තවාදී සංවිධානවලට සහාය ලබාදෙන බවට චෝදනා කරමිනි.

රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සමග පැනවූ සම්බාධක හේතුවෙන් එහි ඉන්ධන සහ ආහාර ප්‍රවාහන කටයුතුවලට ද බාධා එල්ලවූ බව සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *